FAST NEWS

24×7 Around the Globe

කල්මුණේ ඇතුළු ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම් දෙනතරු ඇඳිරි නිතීය..(update)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –කල්මුණේ / සමන්තුරේ/චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදී නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

 

කල්මුණේ වෙඩි හුවමාරුවක්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කල්මුණේ සයින්දමාරු ප්‍රදේශයේදී මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව හා අවිගත් කණ්ඩායමක් අතර මේ වන විට වෙඩි හුවමාරුවක් සිදුවෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
සැක සහිත පුද්ගලයෙක් පරීක්ෂා කිරීමට යාමේදී මෙම වෙඩි හුවමාරුව ආරම්භ වී ඇති බවත් පැවසේ.