(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා සහ එම අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි නිල මාධ්‍ය ආයතනවලින් සහ සමාජ මාධ්‍යවලින් කෙරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.
යුද හමුදාව සහ පොලිසිය එක්ව මන්නාරම, තාරාපුරම් ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවකදී එම ප්‍රදේශයේ පිහිටි තමාගේ පුද්ගලික නිවස පරීක්ෂා කිරීමට ද එම නිලධාරීන් පැමිණි බවත්, ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහය ලබාදුන් බවද පෞද්ගලික ලේකම්වරයා කීවේය.
එහිදී අමාත තම පෞද්ගලික භාවිතයට දී ඇති නිල රථය පිළිබඳව ද කරුණු විමසූ බවත්, තමා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන නිසා පෞද්ගලික පරිහරණයට ලබාදී තිබෙන නිල රථය බවට තමා පැහැදිලි කළ බවද පෞද්ගලික ලේකම්වරයා පැවසීය.
සියලු පරීක්ෂා කිරීම් සහ කරුණු විමසීම්වලට තමා පූර්ණ සහය දුන් බවත්, එම නිලධාරීන්ගේ අභිමතය පරිදි සිදු කළ සියලු පරීක්ෂාකිරීම් වලින් අනතුරුව ඒ පිළිබඳව සටහන් කරගෙන හමුදා සහ පොලිස් නිලධාරීන් සුහදව නික්ම ගිය බවද පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන් මහතා වැඩිදුරටත් සදහන් කළේය.