FAST NEWS

24×7 Around the Globe

සැක සහිත ලොරි රථය සොයා ගැනේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පසුගියදා පොලීසිය අනාවරණය කළ සැක සහිත WP-DAE 4197 දරණ ලොරි රථය ොයා ගැනිමට අද (25) කොටහේන පොලීසිය සමත්ව ඇති බව පොලිස්,මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය නවගම්පුර ප්‍රදේශයේ සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත මෙම ලොරිය අත්අඩංගුවට ගත් බවත් ලොරි රථය තුළ පුපුරණ ද්‍රව්‍ය තිබුණේ ද යන්න මේ වනවිට පරීක්ෂණ පවත්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් පවසයි.