FAST NEWS

24×7 Around the Globe

මෝදර වැටලීමකදී ඇළ මාර්ගයකින් කුඩා බෝම්බ 21 ක් සොයාගැනේ…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොළඹ අපරාධ කොට්ඨාශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෝදර ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත අඩු බල අත්බෝම්බ 21 ක් සහ කඩු 06 ක් සොයා ගෙන තිබේ.
මෙම බෝම්බ පුපුරණ ද්‍රව්‍ය යොදා ටෙනිස් බෝල ප්‍රමාණයට සකස් කර තිබු අඩු බලැති අත් බෝම්බ බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.