FAST NEWS

24×7 Around the Globe

ලෝක නායකයින්ගෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් මහතා ඇතුලු ලෝක නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ප්‍රකාශ කර තිබේ.
මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇතුළු ලෝක නායකයන් ජනාධිපතිවරයාට සහතික වී ඇත.
පාස්කු ඉරිදා දිනයේ සිදු වූ බිහිසුණු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් ඔවුන් සිය කණගාටුව හා සංවේගය පල කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් සිද්ධියෙන් මියගිය පවුල් වෙත සිය සංවේගය පල කරන බවත් තුවාල ලැබූවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කර තිබේ.