FAST NEWS

24×7 Around the Globe

සවස දෙකෙන් පසු පළාත් 05 කට වැසි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින අතර එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමේ හැකියාව පවතින බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (25) මධ්‍යහනයේ නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
සබරගමුව, මධ්‍යම,දකුණු, ඌව සහ බස්නාහිර පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.