FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙසක් කලාපය අත්හිටුවයි…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පැවැත්වීමට නියමිතව තිබූ වෙසක් කලාපය අත්හිටුවන බව කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති රාජකීය පන්ඩිත දර්ශනපති පූජ්‍ය වතුරුවිල සිරි සුජාත නාහිමියන් පවසයි. 
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාග විහාරය , ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව සහ ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මහ ලේකම් කාර්යාලයත් එක්ව මෙම වෙසක් කලාපය සංවිධානය කරනු ලැබීය.
කෝට්ටේ මන්සංධියේ සිට ජුබිලි කණුව මන්සංධිය දක්වා පවත්නන වෙසක් කලාපයේ සියලුම වැඩ සටහන් අත්හිටුවා ඒ වෙනුවට දාන ශීල භාවනා, ධර්ම දේශනා සහ ධර්ම සකච්ඡා සිදුවන විශේෂ ආගමික වැඩ සටහන් පමණක් සිදුකරන බව පූජ්‍ය වතුරුවිල සිරි සුජාත හිමියන් පැවසීය.
ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නාග විහාරයේ අද (25) පැවති සාකච්ඡාවනික් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.