FAST NEWS

24×7 Around the Globe

දෙමටගොඩ සිද්ධියට අදාළ නඩුවෙන් අර්ජුන නිදහස් වෙයි…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආණ්ඩු පෙරළියක් සිදුවූ  පසුගිය වසරේ ඔක්තෝම්බර් 27 වනදා දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ චෝදනාවට අදාල නඩුවෙන් අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ පදනමක් නොමැති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.
අදාළ දිනයේදී අර්ජුණ රණතුංග මහතා සිය ලිපිගොණු කිහිපයක් ලබා ගැනීම සදහා දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුලට ගොස් තිබූ අතර එහි රැදී සිටි වෘත්තිය සමිති සේවකයින් පිරිසක් ඔහුට විරෝධය පළ කර තිබූ අතර එහිදී දෙපාර්ශවය අතර හටගත් උණුසුම් තත්වයකදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.