(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොළඹ ප්‍රධාන හෝටල් කීපයකට සහ දේවස්ථාන කීපයකට පසුගිය ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් රටවල් 13 කට අයත් විදේශිකයින් ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඉන් 36 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
මියගිය විදේශිකයින් චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, ඩෙන්මාර්කය, ජපානය, නෙදර්ලන්තය, පෘතුගාලය, සෞදි අරාබිය, ප්‍රංශය, තුර්කිය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලට අයත් බවත් සඳහන් වේ.
මීට ඉන්දියානු ජාතිකයින් 11 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 06 දෙනෙකු, ඩෙන්මාර් ජාතිකයින් තිදෙනෙකුත් ඇතුළත් වේ.
ඊට අමතරව අදාල ප්‍රහාරවලින් තවත් විදේශකයින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද , විදේශිකයින් 14 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙතෙක් හඳුනා නොගත් විදේශකයින් හඳුනා ගැනීම සඳහා එම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින අතර පීඩාවට පත් විදේශකයින් පිළිබඳව දැනුම්දීම සදහා 011 2 323015 යන හදිසි දුරකතන ඇමතුම් අංකයක් ද හඳුන්වා දී ඇත.