FAST NEWS

24×7 Around the Globe

අඩු පීඩන කලාපය අප්‍රේල් 26 සිට වර්ධනය වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  සමකය ආසන්න නිරිත දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් අප්‍රේල් මස 26 දින පමණ සිට වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (25) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
අද (25) දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ,සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ඇතිවිය හැකි බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.