FAST NEWS

24×7 Around the Globe

මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතර කාන්තාවක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පල්ලි හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා පැමිණි 09 දෙනා අතර කාන්තාවකුත් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (24) පෙරවරුවේ දී විදේශ මාධ්‍යෙව්දීන් අමතමින් සදහන් කර තිබේ.
ඒ වගේම මෙම ප්‍රහාර සඳහා පැමිණි පුද්ගලයන් මැදි ආදායම් හෝ ඉහළ මැදි ආදායම් ලැබූ ඉහළ අධ්‍යාපනයක් ලැබූවන් බවද ඔහු සඳහන් කළේය.
ඔවුන් හා ඔවුන්ගේ පවුල් ආර්ථිකමය වශයෙන් ස්ථාවර බවත් , ඔවුන්ගෙන් බෝහෝමයක් තවත් රටවල් කිහිපයක ඉගෙන ගෙන තිබෙන බවත් , ඔවුන් නීති උපාධි ලබාගෙන හොදින් ඉගෙන ගත් අයත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.