(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින තුළ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය මඟින් පැවැත්වීමට නියමිතව තිබූ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය හා වෛද්‍ය නිලධාරීන්ගේ දෙපාර්තමේන්තු විභාගය කල් දමා ඇත.
ඒ අනුව මේ මස 27 හා 28 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාගය පසුව දැනුම්දෙන තුරු කල් දමා තිබේ.








