FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්තවාදයේ අරමුණු වෙනස් – සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී කියයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පවත්වනු ලබන පාර්ලිමේන්තු විවාදය අද (24) පෙරවරුවේදී මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.
එහිදී මේ සම්බන්ධයෙන් හිටපු යුධ හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වමින් කියා සිටියේ මුළු රටම කම්පා කරමින් සිදුවූ මේ ඛේදවාචකයට පසුගිය වසර දහයෙම රජයන් වගකිව යුතු බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා,
අපි එකතුවෙලා, එකට ශක්තිමත් වෙලා සියලු දෙනාගෙ ශක්තියෙන් ගොඩ එන්න ඕන. අපි ස්වේච්ඡාවෙන් වැරදි පිළිගෙන, අපි වැරදි හදාගන්න ඕන. අපෙන් ප්‍රයෝජන ගන්න අපිට තනතුරු ගන්න ඕන නෑ. අපි වැඩ කරන්න ලැස්තියි. රට ගොඩගමු.
මුළු රටම කම්පාවන ඛේදවාචකයක් සිදු වුණා. අද කතා කරන්නේ රට වෙනුවෙන්, ආණ්ඩුව පත්තේ ඉදලා නොවේ. ආණ්ඩුව හෝ පුද්ගල ආරක්ෂාව නොවේ රට ගැන කතා කරන්න අවශ්‍ය දෙයක්. අප අවුරුදු 32 ක් දුක් වින්ද රට බේරා ගත්තා. මේ ත්‍රස්තවාදය පටන් ගෙන තිබෙනවා. මේ ත්‍රස්තවාදය අරමුණු වෙනස්, මේ ත්‍රස්තවාදය දරුණු විසබීජයක්. ජනතාවගේ ජීවිත අවිනිශ්චිතයි. මේ තත්ත්වය එකතුවෙලා එකට ශක්තිමත් වෙලා සියලු දෙනාගෙ ශක්තියෙන් ගොඩ එන්න ඕන.
යුද්ධය ඉවර වුණාට පස්සේ අපි හරි මාර්ගයක ගියෙ නෑ. අපිට වගකීමෙන් ගැළවෙන්න බෑ. පසුගියදා සිදුවීම විදෙස් බුද්ධි අංශ වාර්තා කර තිබුණා. අද ඇති වූ තත්ත්වයට පසුගිය වසර දහයෙම රජයන් වගකියන්න ඕන. අපි ස්වේච්ඡාවෙන් වැරදි පිළිගෙන අපි වැරදි හදාගන්න ඕන. මේවාට සුදුසුකම් සහිත මිනිසුන් දාලා තිබුණ ද? ප්‍රශ්න තිබෙනවා, අඩුපාඩුකම් තිබෙනවා. සුදුස්සන් සුදුසු තැන්වලට දාන්න ඕන.අපිට ජන ජීවිතයක් නැති වෙනවා. අපෙන් ප්‍රයෝජන ගන්න. අපිට තනතුරු ගන්න ඕන නෑ. අපි වැඩ කරන්න ලැස්තියි. රට ගොඩගමු. ජනතාවගේ ආරක්ෂාව අවශ්‍ය නොවෙයි නම් රට මේ විදියට යන්න දෙමු යැයි ද ෆොන්සේකා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.