FAST NEWS

24×7 Around the Globe

අමල් පෙරේරා ඇතුලු තිදෙනෙක් මුදාහරියි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩුබායිහි දී අත්අඩංගුවට පත්ව සිට ඊයේ (23) මෙරටට පිටුවහල් කරනු ලැබූ අමල් පෙරේරා ඇතුලු තුන්දෙනෙකු මුදාහැරීමට කටයුතු කර තිබේ.
ඒ ගුවන් තොටුපල පරිශ්‍රයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රඳවාගෙන සිදුකරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.
ඊයේ අලුයම අමල් පෙරේරා ඇතුලු 06 දෙනෙකු මෙරටට පිටුවහල් කෙරුණු අතර, ඉන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශයට, වැලිපැන්න පොලීසියට සහ මිරිහාන අපරාධ ඒකකයට භාරදෙනු ලැබීය.