FAST NEWS

24×7 Around the Globe

වාරකාපොළ සැකකරුට අමතරව තවත් සැකරුවෙක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වරකාපොල පොලිස් වසමේ අඟුරුවැල්ල පාර, මස්ජිත් මාවතේ නිවසක් පරීක්ෂා කර අත්අඩංගුවට ගත් සැකකරුට අමතරව එම නිවසේම සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එම නිවසේ තිබූ SGPH 3779 දරණ වෑන් රථයක්, යතුරුපැදියක් හා වෝකි ටෝකි 4ක් ද වරකාපොල පොලිස් භරයට ගත් බවත් කියැවේ.
එසේම හෙම්මාතගම පොලිස් වසමේ දී මොවුන් හා සම්බන්ධ තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසේ.