FAST NEWS

24×7 Around the Globe

පිපුරුම් සිදුවූ ස්ථාන තවදුරටත් පරික්ෂාවන්ට ලක් කෙරේ…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 21 වන පාස්කු ඉරුදින සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂණ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පිපිරීම් සිදුවූ ස්ථානවල විද්‍යාත්මක සාක්ෂි එක්රැස් කිරීම මෙහිදී සිදුකරනු ලබන අතර එම දෙපාර්තමේන්තුවේ විශේෂ නිළධාරින් කණ්ඩායමක් පොලිසිය සමග එම පරීක්ෂණ කටයුතු සිදුකරන බව රජයේ රස පරීක්ෂක ආරියනන්ද වැලිඅංග මහතා පැවසීය.