FAST NEWS

24×7 Around the Globe

රටේ තත්ත්වය පිළිබඳව වූ විශේෂ විවාදයක් අද (24) පාර්ලිමේන්තුවේදී…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුව අද (24) පෙරවරු 10.30 ට රැස්වීමට නියමිතව ඇත.
මෙහිදී රටේ උද්ගතව ඇති වාතාවරණය පිළිබඳව වූ විශේෂ විවාදයක් පැවැත්වෙයි.
තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඊයේ (23) හදිසියේ කැඳවනු ලැබූ අතර, එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙම විවාදය අද දිනය පුරා පැවැත්වීමට පක්ෂ නායකයින් එකඟතාවකට පැමිණි බවයි.
එමෙන්ම බුර්කාව තහනම් කිරීම සඳහා වන යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.