FAST NEWS

24×7 Around the Globe

පිපිරිම්වලින් වලින් මීයගිය සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දිවයිනේ ස්ථාන කිහිපයකදී සිදුවූ පිපිරීම් වලින් මේ වනවිට පුද්ගලයින් 321 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
මේ අනුව, ප්‍රහාරවලින් පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 375 දෙනෙකු රෝහල් වල දැනට ප්‍රතිකාර ලබන බව ද අමාත්‍යවරයා කියා සිටියා.
එසේම, මෙම ප්‍රහාරවලින් විදේශිකයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් විදේශිකයන් 19 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එසේම, මෙම ප්‍රහාරය නවසීලන්තයට පසුගියදා එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉස්ලාමීය අන්තවාදී කල්ලියක් සිදුකරන ලද්දක් බවට තොරතුරු වාර්තා වී ඇතැයිද හෙතෙම පැවසීය.