FAST NEWS

24×7 Around the Globe

අමල් පෙරේරා ඇතුළු 06 දෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිට අද (23) අලුයම ලංකාවට පිටුවහල් කරන ලද අමල් පෙරේරා ඇතුළු 06 දෙනා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන ප්‍රශ්න කරනු ලැබේ.
මෙම පිරිස දිවයිනට පැමිණි පසු ආගමන විගමන නිලධාරීන් විසින් ඔවුන් සිය භාරයට ගත් අතර, අනතුරුව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබීය.
 ඩුබායි හිදී පැවති සාදයකදී මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් 31 දෙනාගෙන් මේ වන විට 29 දෙනෙක් මෙරටට පිටුවහල් කළ අතර, ඒ අතරින් 06 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත වෙයි.