FAST NEWS

24×7 Around the Globe

අගරදගුරුතුමා සියලු පියතුමන්ලාගෙන් ඉල්ලීමක් කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යළිත් දැනුම් දීමක් සිදුකරන තුරු සියලු දේවස්ථානයන්හි දිව්‍ය පූජාවන් සංවිධානය නොකරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පියතුමන්ලාගෙන් ඉල්ලා සිටියි.
රටේ පවතින අවදානම් තත්ත්වය තවමත් පහව ගොස් නැති බවත් ඒ හේතුවෙන් දිව්‍ය පූජාවන් සංවිධානය කර සාමාන්‍ය අයුරින් එම කටයුතු සිදු කිරීමට ගොස් බැතිමතුන් අපහසුතාවට ලක් නොකර ලෙසත් , තමන් දැනුම්දෙන තුරු නැවත එවැනි කටයුතු සිදු නොකරන ලෙසද උන්වහන්සේ පැවසීය.