(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙරේදා (21) බෝම්බ ප‍්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (23) පෙරවරුවේ එම දේවස්ථානය වෙත පැමිණියේය.
මෙහිදී ශ‍්‍රීලාල් ෆොන්සේකා පියතුමා හමු වූ ජනාධිපතිතුමා ප‍්‍රාදේශයේ සමස්ත කිතුනු බැතිමතුන් වෙනුවෙන් තම බලවත් කනගාටුව සහ සංවේගය උන්වහන්සේ වෙත පළකර සිටියේය.
දේවස්ථානයේ නැවත ඉදිකිරීම් කටයුතු ද සොයා බැලූ ජනාධිපතිතුමා එම ඉදිකිරීම් හැකි ඉක්මනින් නිම කිරීමට ශ‍්‍රී ලංකා යුද හමුදාවට තමන් උපදෙස් ලබා දී ඇති බව සඳහන් කළේය.
බෝම්බ ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට ද ජනාධිපතිතුමා එක් විය.
ප‍්‍රදේශයේ නිවාස කිහිපයක් වෙත ගිය ජනාධිපතිතුමා දේහයන්ට අවසන් ගෞරව දැක්වූ අතර එම පවුල්වල ඥාතීන් වෙතත්, ප‍්‍රදේශවාසින් වෙතත් සමස්ත කිතුනු බැතිමතුන් වෙතත් සිය සාතිශය සංවේගය පළකර සිටියේය.











