FAST NEWS

24×7 Around the Globe

කොරියානු විභාගය කල් දැමේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොරියානු රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරාගැනීම සඳහා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව පවත්වනු ලබන, 2019.04.23 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබූ කොරියානු භාෂා විශේෂ පරීක්ෂණ සතියකින් කල් දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව, නැවත මෙම විභාගය පැවැත්වෙන කාල සටහන 2019.04.25 වන දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවියේ (www.slbfe.lk) පල කරනු ලබයි.
මෙම කාල සටහන 2019.04.25 වන දින පරීක්ෂා කර බලා නියමිත දිනට සහ නියමිත වේලාවට විභාගය සඳහා සහභාගි වන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටියි.