FAST NEWS

24×7 Around the Globe

මැයි දින රැළි දෙකක් අවලංගු කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උද්ගතවී ඇති අයපහත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සිය මැයි දින රැළි නොපැවැත්වීමට තීරණය කර තිබේ.
ඊයේ (21) කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වු පිපිරිම් කිහිපයක් හේතුවෙන් මිය ගිය අයට ගරු කිරිමක් වශයෙන් මැයි දින රැළිය අවලංගු කිරිමට කටයුතු කල බවත්, එදින මිය ගිය අය සිහි කර ඔහුන්ට පින් පමුණුවා වතුකරයේ සියළුම හින්දු කෝවිල්වල ආගමික වතාවන් පැවැත්වීමට කටයුතු කරන බවත් අමාත්‍යය පලනි දිගම්බරම් කියා සිටියේය.