FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති සරණ රාගම රෝහලේ.

එක්සත් ජාතික පාක්ෂිකයකුට පහර දුන්නේයැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනට ඇප දීම ප්‍රතික්ෂේප කර ඔහු යළි සිකුරාදා තෙක් රිමාන්ඩ් කළේය.

ඒ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක විසින්.

බන්ධනාගාරය අධිකරණයට දැන්වූයේ ඔහු රාගම රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට පැවසුවේ බන්ධනාගාර රෝහල තිබිය දී ඔහු රජයේ රෝහලකින් ප්‍රතිකාර ලැබිය යුතු හේතුව ලබන හතර වැනි දා ට උසාවියට දන්වන ලෙසයි.

මැතිවරණ සමයේ සිය බිරියගේ නම සහිත නීති විරෝධී ප්‍රචාරක පුවරු සවි කිරීමට එරෙහි වී යැයි සරණ ගුණවර්ධන විසින් එක්සත් ජාතික පාක්ෂිකයකුට පහර දී තිබුණි.