FAST NEWS

24×7 Around the Globe

හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් කඩිනමින් අදාල රෝහල් වෙත ගොස් හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටියි.
දිවයින පුරා සිදුවූ පිපිරීම් මාලාව සැලකිල්ලට ගෙන ඒ හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ හදිසි මරණ පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහා අදාල රෝහල් වෙත ගොස් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ දේහයන් කඩිනමින් ඥාතීන් වෙත භාරදීම සඳහා කටයුතු කළ යුතුව ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.