FAST NEWS

24×7 Around the Globe

දියතලාවේන් ටී.56 ගිනි අවියක් සහ උණ්ඩ සොයා ගැනේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දියතලාවේදී කරන ලද සෝදිසි මෙහෙයුමකදී ටී-56 උණ්ඩ 152 ක් සහ මි.මී. 9 පිත්තෝල උණ්ඩ ඇසුරුම් 8ක් සොයාගනු ලැබ ඇත. ඒ සම්බන්ධයෙන් පුද්ගලයකු සහ ඔහුගේ පුතා ද අත්අඩංගුවට ගෙන ඇති බව ගුවන් හමුදා මුලස්ථානය පවසයි.
දියතලාව පොලීසිය හා දියතලාව ගුවන් හමුදා කදවුරේ නිලධාරීන් විසින් ඒකාබද්ධව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් අද (22) බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.