FAST NEWS

24×7 Around the Globe

කලින් තොරතුරු ලැබී තිබුණත් ඒ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමුකර නෑ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  බරපතල කරුණක් වන්නේ මේ තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීම බව අද සිදුවු ප්‍රහාර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) අරලියගහ මන්දිරයේදි විශේෂ ප්‍රකාශයක් කරමීන් පැවසීය.
“මේ ප්‍රහාරය නිසා මිනිස් ජීවිත දෙසියක් පමණ අහිමි වී තිබෙනවා.ඒවාගේම පුද්ගලයින් 400ක් පමණ තුවාල ලබා තිබෙනවා.විදේශීය සංචාරකයින් ගණනාවක් ද මරණයට පත් වුණා.ඒ සම්බන්ධයෙන් මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා.
බරපතල කරුණක් වන්නේ මේ තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීමයි.මේ පිළිබඳව තවදුරටත් කරුණු පරික්ෂා කර බැලිය යුතුය.මා ඇතුළු ඇමැතිවරු ඒ පිළිබඳව දැනුවත් නොතිබීමත් ඊට ඇතුළත් කාරණයක් “