FAST NEWS

24×7 Around the Globe

අද (20) සහ හෙට (21) පාසල් ඩෙංගු මර්ධන වැඩසටහන්..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – දෙවන පාසල් වාරය ආරම්භ කිරිමට ප්‍රථම පාසල් පරිශ්‍ර පරිසිදු කිරිමේ ඩෙංගු මර්ධන වැඩසටහන අද (20) සහ හෙට (21) යන දෙදින පැවැත්විවෙයි.
එම පිරිසිදු කිරිමේ කටයුතු දෙමාපියන්, පාසල් බළධාරින් සහ ප්‍රජා සෞඛ්‍ය ඒකකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බව  ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවාය.

රජයේ සහ රජයේ අනුමත පාසල් වල 2019 වසර දෙවන පාසල් වාරය ලබන සඳුදා ආරම්භ විමට නියමිතයි.