FAST NEWS

24×7 Around the Globe

අද (20) සිට විශේෂ දුම්රිය සේවා 11 ක්….

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අවුරුදු සමයේදී ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණීමට අද (20) සිට විශේෂ දුම්රිය සේවා 11 ක් අනිද්දා දක්වා ධාවනය කිරීමට නියමිතය. 
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව , ප්‍රවාහන අමාත්‍යංශය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව ක්‍රියාත්මක කරන ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙයුම යටතේ මෙම විශේෂ දුම්රිය ධාවනය සිදුකෙරෙයි.
දුරබැහැර පළාත්වල සිට කොළඹ බලා ධාවනයට බස්රථ 1350 ක් සහ පුද්ගලික බස්රථ 3000 ක් පමණ ද සේවයේ යොදවා ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේය.