FAST NEWS

24×7 Around the Globe

හදිසි ජනාධිපතිවරණයක් නෑ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම 21 දා (අද) යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයා ඉකුත් 16 දා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ඔහු 17 දා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි තිරුපති කෝවිල වන්දනා කර ආශීර්වාද ලබා ගත්තේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිවයිනට පැමිණි විගස හදිසි ජනාධිපතිවරණයක් කැඳවනු ඇති බවට ඇතැමුන් පැවැසුවත් ජනාධිපතිවරයාගේ සමීපතමයන් කිහිප දෙනෙකුම පැවැසුවේ තමන් දන්නා තරමින් ජනාධිපතිවරයා එවැනි සූදානමක නොමැති බවය.