FAST NEWS

24×7 Around the Globe

ඉන්හාම් අත්අඩංගුවට – පුෂ්පකුමාරට නිදහස

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර ඊයේ (18) දිවයිනට පැමිණි දෙදෙනාගෙන් කොලොන්නාව, සාලමුල්ල, ගමගේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මොහොමඩ් අෆ්රඩි මොහොමඩ් ඉන්හාම් යන අය කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ ප්‍රශ්නකිරීම් වලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
අනෙක් සැකකරුවන පියල් පුෂ්පකුමාර රාජපක්ෂ යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරිම් වලින්,අනතුරුව මුදා හැර ඇති බවත් පොලිස්,මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.