FAST NEWS

24×7 Around the Globe

පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් වැසි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දිවයින ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, පවතින තද අකුණු සමග වැසි තත්වය තවදුරටත් පවතින ලකුණු ඇති බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (18) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් කර තිබේ.
අද (18) දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සඳහන්.
සබරගමුව, මධ්‍යම,දකුණු, ඌව,බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයක්ද සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයක්ද ඇති විය හැකි බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.