FAST NEWS

24×7 Around the Globe

රාවනා වන් චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කෙරේ (වීඩියෝ)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා වන් චන්ද්‍රිකාව අද (18) අලුයම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා නාසා ආයතනයට අයත් අමෙරිකාවේ වර්ජිනියාහි පිහිටි මධ්‍ය අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යවකාශ තොටුපොළෙන් අභ්‍යවකාශ ගත කර තිබේ.
එය ඇන්ටරේස් රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යවකාශ ගත කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු වන තරිදු දයාරත්න සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක වන දුලානි චාමිකා විතානගේ රාවනා වන් චන්ද්‍රිකාව නිෂ්පාදනය කර තිබේ.
ජපානයේ කියුෂු තාක්ෂණික ආයතනයේ අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂණය හදාරමින් සිටින අතරතුර ඔවුන් මෙය නිශ්පාදනය කර තිබේ.
මෙරට වේලාවෙන් අද (18) අලුයම 2.16 ට අභ්‍යවකාශ ගත කෙරුණු චන්ද්‍රිකාව(19) හෙට පස්වරු 6.30 ට පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවීමට නියමිත බව නසා ආයතනය සඳහන් කර තිබේ.