FAST NEWS

24×7 Around the Globe

මධූෂ් සමග අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් දිවයිනට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මාකඳුරේ මදුෂ් සමඟ පසුගියදා ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අද (18) අළුයම දිවයිනට පැමිණි බව පොලිසි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඒ අනුව ඔවුන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බවත් ඔවුන්ගෙන් මෙ වන විට ප්‍රශ්න කරමින් සිටින බවද කියයි.
මේ අතර ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව ශ්‍රි ලංකාවට ඊයේ (17) පැමිණි පුද්ගලයින් 06 දෙනාගෙන් පස් දෙනෙකුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය පවසයි.