FAST NEWS

24×7 Around the Globe

ඉවතලන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීමට බ්‍රිතාන්‍ය සහාය..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි බල අර්බුදයට විසඳුමක් වශයෙන් ඉවතලන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් මෙරටට හදුන්වා දීමට මහා බ්‍රිතාන්‍යය කැමැත්ත පළ කර ඇති බව විදුලිබල අමාත්‍යාංශ පවසයි.
විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ මහා බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බව එම අමාත්‍යාංශය කියයි.
දෛනිකව ඉහල යන විදුලි ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් වෙනුවෙන් අවම මිලක් සහිත පරිසර හිතකාමී විදුලි උත්පාදන ක්‍රමවේදයන්ට යොමුවීමේ පියවරක් වශයෙන් මෙම වැඩපිලිවෙල හදුන්වා දීම අපේක්ෂා කෙරෙන බවත් පැවසේ.