FAST NEWS

24×7 Around the Globe

නව ජනාධිපති නීතීඥවරු 21 ක් පත් කෙරෙති..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33(2) ඉ යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව ජනාධිපති නීතීඥවරුන් වශයෙන් නීතීඥවරුන් 21 දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
නීතීඥ වෘත්තීයේ විශිෂ්ඨත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ඨ පැවැත්මෙන් යුතු නීතීඥවරුන් ව්‍යවස්ථාව අනුව මෙසේ පත් කෙරෙති.
මෙලෙස ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කළ නීතිඥවරු 21 දෙනා පහත දැක්වේ.
සම්පත් මෙන්ඩිස්
නවීන් මාරපන
ශානක ද සිල්වා
පියසේන දීරත්න
එම්. ජයසිංහ
නලීන්ද ඉන්දතිස්ස
වී.කේ. චොක්සි
නලීන් දිසානායක
මයුර ගුණවංශ
වසන්ත ගජනායක
අජන්ත රුද්‍රිගු
ෆාමර් කාසිම්
ජගත් වික‍්‍රමනායක
සුමිත් සේනානායක
සීවලී අමිතිරිගල
කපිල මනම්පේරි
සාලිය මොහොට්ටි
වින්සන්ට් පෙරේරා
සනත් වීරරත්න
ඒ.ඒ.එම්. ඉල්ලියාස්
ස්වර්ණා පෙරේරා
අභිනව ජනාධිපති නීතීඥවරුන් ඉදිරි කාලයේදී සිය ධුරයන්හි දිව්රුම් දීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.