FAST NEWS

24×7 Around the Globe

වී මීලදි ගැනිමට නැවතත් අද (17) සිට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වී මිළදි ගැනීම අද (17) සිට යළි ආරම්භ කරන බවත් මාසයක කාලයක් ඒ සඳහා වී ගබඩා විවෘත කර තැබිමට කටයුතු යොදා ඇති බව වී අළෙවි මණ්ඩලය පවසයි.
ඒ අනුව ගොවීන්ට කිසිදු අපහසුවකින් තොරව වී තොග ලබාදිය හැකි බවත් අළෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා සඳහන් කළේය.
ජංගම මිළදී ගැනීමේ මධ්‍යස්ථාන ආරම්භ කිරිමටත් අවධානය යොමුව ඇති බවත්, වී තොග සහල් බවට පත්කිරිමේ ක‍්‍රියාවලියක්ද ආරම්භ කරන බවද සභාපතිවරයා පැවසීය.
වී අළෙවි මණ්ඩලය මේ වනවිට මිලදි ගෙන ඇති වී ප‍්‍රමාණය මෙට්‍රික්ටොන් හතළිස් අටදහසකි.