FAST NEWS

24×7 Around the Globe

මහියංගණයේ අනතුරකින් 10 ක් මරුට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  මහියංගණය , බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අද (17) අලුයම 1.30 ට පමණ වෑන් රථයක් හා බස්රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගණය පොලීසිය පවසයි .
දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයකට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමීණි වෑන් රථය මෙලෙස අනතුරට පත්ව තිබේ.
වෑන් රථයේ 12 දෙනෙක් ගමන් කර ඇති අතර ඉතිරි දෙදෙනාගේද තත්ත්වය බරපතල බවද පැවසේ.
මෙසේ මීය ගිය වුවන් අතර වැඩිහිටියන් 07 දෙනෙක් හා ළමුන් තිදෙනෙක් වන බව පැවසෙන අතර මළසිරුරු මහියංගණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ.
වෑන් රථයේ රියදුරා නින්ද ගොස් මාර්ගයේ වැරදි මංතිරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.