(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංහල සහ දෙමල අවරුදු සඳහා අලෙවි කිරීමට රැගෙන ආ දුම්වැටි 83,380 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (15) කටුනායක ගුවන් තොටුපොල රේගුව මගින් අත්අඩංගුවට ගෙනතිබේ.
ගුවන්තොටුපල රේගුව ප්රකාශ කළේ මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හතලිස් එක් ලක්ෂ හැට නවදාහක් පමණ වන බවයි.
මෙම දුම්වැටි තොගය ගමන් මළු තුළ සගවා ගෙන රැගෙන ආ අතර සැකකරුවන් වේවැල්දෙනිය සහ මාතර යන ප්රදේශවල පදිංචිකරුවන් වෙයි.








