(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව පාලක මැදිරිය පවසයි.
අද පෙරවරුවේ බෙලිඅත්තේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලූ කුමාරි දුම්රියේ මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමකට ලක්විය.
ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු හික්කඩුව දක්වා සීමා කෙරුණි.
මේ අතර දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් අඩාලවී ඇති කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය මේ දක්වා යථා තත්ත්වයට පත් කර නොමැත.
අද පෙරවරුවේ අවිස්සාවේල්ල සිට කොළඹ – කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කිරුලපන හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්වීමෙනුයි එම මාර්ගයේ ධාවන කටයුතුඇණ හිටියේ.








