(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රියේ එක් මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ගාලු කුමාරි දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය .
මේ අතර,අවිස්සාවේල්ල සිට කොළඹ – කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ අංක 646 දරන දුම්රිය අද උදෑසන 4.55ට පීලිපැනීමකට ලක්වූ අතර එම දුම්රිය මේ වනවිට පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් කියා සිටියේය .








