FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ගිගුරුම් සහිත වැසි….

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සබරගමුව, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල අද (16) සිට 18 වනදා දක්වා සවස් කාලයේ ප්‍රබල අකුණු සහිත තද වැසි බලාපාරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කලේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම, අකුණු අනතුරු අවම කර ගැනීම කෙරෙහි අවධානය යොමුකරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන අතර දිවයිනේ ප්‍රදේශ රැසකම තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.