FAST NEWS

24×7 Around the Globe

උත්සව සමය හේතුවෙන් හෝටල් සහ ආපනශාලාවල ආහාර පරීක්ෂාවට….

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඉළක්ක කර ගනිමින් දිවයින පුරා හෝටල් සහ ආපන ශාලා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර තිබේ

පසුගිය මාර්තු 15 දින සිට ආරම්භ කළ මෙම වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර මෙම වැඩපිළිවෙල සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1700 ක් සහ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් 50 කට අධික සංඛ්‍යාවක් දායක වී සිටියි.

මෙය ආරම්භ කර දිනයේ සිට මේ මස 10 දින දක්වා ආහාර වැටලීම් 1412 ක් සිදු කර ඇත.

එහිදී මහජන සෞඛ්‍යයට අහිතකර තත්ත්ව යටතේ ආහාර සැකසීම හේතුවෙන් හොටල් සහ ආපන ශාලා 10,872 ක් පරික්ෂා කර ඇති අතර, හෝටල් සහ ආපන ශාලා 21 කට මුද්‍රා තබා තිබේ.