FAST NEWS

24×7 Around the Globe

උත්සව සමයේ පොදු බස්රථ ධාවනයේ අඩුවක් …

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංහල – දෙමළ අලූත් අවුරුදු සමයේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමට මෙන්ම තම දෛනික කටයුතු සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් තවමත් නිසි පරිදි සලසා නොමැති බවට ජනතාව චෝදනා එල්ල කර ඇත.

කෙසේ වෙතත්, දිවයින පුරා සාමාන්‍ය පරිදි බස් රථ ධාවනයට එක්කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය කියා සිටියේය.

හෙට (16) දිනයේ සිට යළි රැකියා සඳහා පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.