(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කඹුරුපිටිය ඕමාරහේන ප්රදේශයේ අද (15)අලුයම නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් අතරතුර එල්ලවූ ඇසිඩ් ප්රහාරයකින් පුද්ගලයින් 9දෙනෙකු තුවාල ලබා තිබේ.
ගැටුම ඇතිවූ නිවසේ නවතා තිබූ වැන් රථයකටද සැකකරුවන් විසින් ගිණි තබා ඇති බව පොලිසිය සදහන් කරයි.
ඇසිඩ් ප්රහාරයෙන් තුවාල ලැබූ පිරිස මාතර අකුරැස්ස සහ කඹුරුපිටිය අඳාපාන රෝහල් වෙත ඇතුලත් කරතිබෙන අතර තුවාල ලැබූ අය අතර කාන්තාවන් දෙදෙනෙක් ද සිටියි
සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශණ පවත්වයි








