FAST NEWS

24×7 Around the Globe

පීලි පැනීමට ලක්ව තිබූ දුම්රිය යලි පීලි ගත කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ගමනාගමන කටයුතු අඩාලවී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්වයට පත් කර තිබෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

යාපනය සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය ඊයේ (14) අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී පීලිපැන තිබුණු අතර මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට දැඩි බාධාවක් එල්ල විය.