(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහනුවර මහ රෝහල් භූමියේ ඉදිකෙරෙන මහල් 08 කින් යුත් තැලසීමියා වාට්ටු සංකීර්ණය කඩිනමින් ඉදිකිරිම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරිම සදහා රුපියල් මිලියන 96 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොන්ත්‍රාත් සමාගම වෙත පසුගියදා ලබා දුන් අතර මෙම වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සදහා වැය කරන මුදල රුපියල් මිලියන 1700 වේ.
දැනට දිවයින පුරා තැලසීමියා දරුවන් 3000 ක් සිටින අතර, ඔවුන්ට දිනපතා ඖෂධ හා එන්නත් ලබාදිය යුතුවේ.
තවද ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් මිලියන 1700 ක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.








