(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සොබාදහමත් දිනෙන් දින අලූත් වෙමින් වසන්තශ්‍රීයෙන් හැඩ ගැන්වෙන බක් මාසයේ එළඹෙන සිංහල, දමිළ අලූත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලූත් කරගැනීමටත්, ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභාශිංශන පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
උතුරු – දකුණු භේදයකින් තොරව ලාංකේය සමාජයේ සැම එක්ව සමරන අලූත් අවුරුද්ද අප ජීවිතවල මෙන්ම මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයකි. අවුරුදු සිරිත් විරිත් එහි නිසි අරුත් පහදවාගෙන මනුෂ්‍යත්වය උත්කර්ෂවත් කිරීමේ සහ ජීවිතයේ සැබෑ සතුට අත්විඳීමේ අභිලාෂයෙන් අනුගමනය කිරීම ඉතාම වැදගත් වන අතර ලක්වැසි ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය උදාවන සුබ අලූත් අවුරුද්දක් වේවායි හෘදයාංගමව සුභාශිංසන එක්කරමින් අග්‍රාමාත්‍ය වැඩිදුරටත් කියා සිටියි.








