(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තහනම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් බවට සැකකරනු ලබන ශ්‍රී ලාංකිකයින් 4දෙනෙක් බ්‍රිතාන්‍යයේ ලූටන් ගුවන් තොටුපළේදී එරට ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත වාර්තා කර තිබුණේ බදාදා (10) රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික පුරවැසියන් සිව්දෙනා මේ වන විට වැඩිදුර විමර්ශන සඳහා බෙඩ්ෆෝර්ඩ්ෂයර් පොලිසියේ රඳවා තබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරියෙක් සඳහන් කර සිටියේ තහනම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් බවට සැකකරෙන මෙම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් ලුටන් ගුවන් තොටුපළේ බලධාරීන් විසින් සිදුකරනු ලැබූ දැනුවත් කිරීමකට අනුව 2000 වර්ෂයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 11 වෙනි වගන්ති ප්‍රකාරව එම පිරිස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර සිටියි.








