FAST NEWS

24×7 Around the Globe

මෙවර අවුරුදු සමයේ ගිනිකෙළි නිෂ්පාදන මිලට ගැනීමේ අඩුවක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර සිංහල, හින්දු අලූත් අවුරුදු සමයේ පසුගිය වසරට සාපේක්ෂව ගිනිකෙළි නිෂ්පාදන මිලට ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙලෙස ගිනිකෙළි සඳහා පවතින ඉල්ලූම අඩු වී ඇති අතර සේවක ගැටළු හේතුවෙන් ගිනි කෙළි නිෂ්පාදනය කිරීමේ අඩුවක් පවතින බවයි එහි ලේකම් අතුල අල්විස් කියා සිටියේ.